Tuesday, July 31, 2012

iPhone එකක් ගැනීමට පෙර මේක කියවන්න.

 

compare iphones w 464-1347482687184

Iphone එකක් භාවිතා  කරන්න ගොඩක් දෙනා කැමති.  iPhone එකක් ගන්න බලාගෙන ද ඉන්නේ? එහෙනන මේ ටික කියවන එක හොදයි.

දෙනාට iphone 3G, 3GS, 4G, 4S විදියට වර්ග වෙලා තියෙනවා. මේකෙන් මොකක් ගත්තත් ගැටළුවක් නැ. බලන්න තියෙන්නේ ෆොනේ එක ෆැක්ටරි  අන්ලොක් එකක් ද නැතිනම් අන්ලොක් කරපු එකක් ද කියලා.



ෆැක්ටරි අන්ලොක්.

ෆැක්ටරි අන්ලොක් කියන්නේ. හදන ෆැක්ටරි යෙන්ම අන්ලොක් කරලා එන එක. මේක ගන්න එක තාම ඇගට ගුණ. මේක ඕනෑම  රටක ඕනෑම SIM එකක් භාවිතා  කරන්න පුළුවන්. ඒ වගේම අලුතෙන් එන ඕනෑම අප්ඩේට් එකක් බය නැතිව දාගන්න පුළුවන් කමක් තියෙනවා. ඩිරෙක්ට් ඇපල්  එකෙන් ගන්න කොට දෙන්නේ ෆැක්ටරි අන්ලොක් එක තමා

අන්ලොක් කරපුවා.

ගොඩක් service providers ලා ඒ කියන්නේ මොබයිල් කොම්පැනි ඇපල් සමාගමත් එක්ක  ගිවිසුමක් ඇති කරගන එයාලගේ ගනුගෙනු කරුවන්ට අඩු මිලට ලබාගෙන ෆෝන්{ තේරෙන බාසාවෙන් කියනවනං} contract based ෆෝන් ඒ අදාල සමාගමේ SIM පත  එක්ක විතරයි වැඩ  කරන්නේ. මෙන්න මේ ෆොනේ වලට තමා  කියන්නේ ලොක් ඒවා කියල.

මේවා ගොඩක් වෙලාවට විකුනන්න තියෙන්නේ අන්ලොක් කරලා .  අන්ලොක් කරන එක විධි  දෙකකට කරන්න පුළුවන්.

ජෙල්බ්රෙක්  කරලා Ultrasnow කියන ටුල් එක මගින්.

GEVEY SIM කියන Hardware ටුල් එක මගින්.

 

ෆොනේ එකක් ගන්නවා නං ෆැක්ටරි අන්ලොක් කරපු එකක් ගන්න එක තමා  හොද.  එහෙම නැතිනං අඩුගානට ලොක් කරපු එකක් ගන්න එක.

මෙහම ලොක් කරපු එකක් ගන්න එක අවාසියක් තියෙනවා. අලුත් එන අප්ඩේට් දන්න කලින් ඔයාලා අන්ලොක් කරන්න බාවිතා කරන ටුල් එකට වැඩ කරන්නේ නැති එක. ඔයාලගේ ටුල් එකට අලුත් අප්ඩේට් එකක් එනකන් ඉන්න වෙන එක..

හරි දැන් බලමු දැනට  තියෙන ෆොනේ වලින් අන්ලොක් කරන්න පුළුවන් මොනවද කියල. ලොක් එකක් ගන්නවා නං මතක ඇති අන්ලොක් කරන්න පුළුවන් එකක් ගන්න කිය එක තමා  හොද.



පහළ තියෙන විස්තර බලලා,  ඔයාලා ගන්න හදන ලොක් වුන  ෆොනේ එකේ OS හා Base band එක ගලපලා අන්ලොක් කරන්න පුළුවන් ෆොනේ එකක් ගන්න. අන්ලොක් කරන්න පුළුවන් නං එක කරන්න පුළුවන් ටුල් එකත් මන් සදහන් කරලා තියෙනවා.

සැ.යු :-

කොලපාට :- අන්ලොක් කරීමට සදහන් ටුල් එක බාවිතා කරන්න.

කහ පාට :- සදහන් Base band  එකට අප්ඩේට් කරගෙන අන්ලොක් කළහැකි.

රතු පාට :- අන්ලොක් කල නොහැකි.

iPhone 3G

මේක තාම දැනට  තියෙන පරණම මොඩෙල් එක.



 

iPhone 3GS



 

Iphone 4



 

රතු පාටින් සදහන් වෙලා තියෙන අන්ලොක් කල නොහැකි සමහරක්   Base band GEVY SIM කියන ටුල් එක බාවිතා කරලා කරගන්න පුළුවන්.   මේ තියෙන්න ඒ ලිස්ට් එක.

02.10.04 ,

03.10.01

 04.10.01

04.11.08 හා 04.12.01 අන්ලොක් කල නොහැකියි.

iphone 4S



 

දැනට  4S එක අන්ලොක් කරන්න බැ.

හරි නේ දැන් දන්නවා නේ ගන්න ඕනේ මොකක් ද කියල. හොදට හොයලා බලලා හොද ෆොනේ එකක් ගන්න කියල මං සුභ පතනවා.

 

2 comments:

  1. Firmware : 04.12.01
    Version : 5.1.1(9B206)
    IMEI : 01 275500 420521 2
    Model : MC604J
    මේක ගොඩ දාගන්න අමාරු වේයිද සහෝ

    ReplyDelete
  2. BB එක හරියට මේක අන්ලොක් කරන්න නන් බැ.. කරන්න තියෙං එකම දේ ෆැක්ටරි අන්ලොක් එක. මොබයිල් එක ලොක් වෙලා තියෙන carrier එක දන්නවා ද?

    ReplyDelete